යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමන් සඳහා ඔහුගේ ගම් වැසියන් විසින් යාපනය ඉණුවිල් හිදී සංවිධානය කර තිබුණු උපහාර පිදීමේ උළෙලට සහභාගී වුණ එකම සිංහල සිසුවා (පොලිසියේ දෙදෙනාට අමතරව) බවට ඉතිහාස ගත වීමි. මා අඳුනන එක්තරා විශ්වවිද්‍යාල ආරක්ෂක මහතෙකු (ඔහුගේ ගමද ඉනුවිල්) විසින් කරන ලද ආරාධනාවක් නිසා එයට සහභාගී වීමට සිදු විය. උපකුලපති තනතුරක් ලැබීම රජ තනතුරක් ලැබීමට සමාන යැයි සිතෙන මට්ටමට පැසසුම් උළෙල දුටු විගස කල්පනා විය. වසර තුනක් වැනි සුළු කාලයකට “ලැබෙන“ මෙම පත්වීමට මෙතරම් පැසසුම් කරන්නට ගම්වැසියන් පෙළඹුණේ ඇයිදැයි විමසූ විට දැනගන්නට ලැබුණේ මේ තාක් කල් අප ඉණුවිල් ගම්මානයෙන් මෙවැනි තැනකට ආ පළවෙනි පුද්ගලයා මොහු බවත් නැවත වසර ගණනාවකට අප ගමෙන් මෙවන් පුද්ගලයෙක් බිහි නොවනු ඇති බවත්ය. එම නිසා අප ගමට සහ ගමේ “පසට“ මෙය මහත් ආඩම්බරයක් බවත්ය.
උපහාර පිදීමට පැමිණි එක්තරා මහතෙකුගේ අදහසක්.
උපකුලපති තුමන්ව දමිළ සංස්කෘතික ඇඳුමින් සරසා වීදියේ පෙරහරකින් “වැඩමවූ“ අතර ගෙයක් ගෙයක් ගානේ ඔහුව නවතා මල් මාල පළඳා කුඩා දරුවන්ට ආශිර්වාද ලබාදී පවුලේ සියළු දෙනා එක්ව ඡායාරූප ලබා ගත්හ. පසුව ඉණුවිල් කන්දස්වාමි කෝවිලේ විශේෂ පූජාවකට සහභාගී කරවා කෝවිලට පසෙකින් තනා තිබූ විශේෂ මණ්ඩපය තුලට එක් කරගෙන ගියහ. රටේ ජනාධිපති තුමන්ටවත් නොමැති ආකාරයේ ඉහළම සැළකිල්ලක්. අඩුවට තිබුණේ ස්කොඩ් එක විතරයි. (කරුණාකර මාව විශ්වාස කරන්න). වේදිකාව පාමුල එතුමන්ව වාඩි කරවා සම්ප්‍රදායික පොල්තෙල් පහන පත්තු කෙරිණි.
“මෙතුමාගෙන් ඉගෙන ගත් සිසුවෙක් පැමිණ පහන දල්වන්න“ යැයි ස්පීකරයෙන් ඇසුණු විගස මා හිතවත් ආරක්ෂක නිළධාරියා “මල්ලි උඹ පලයන්“ කියා මාව ඉදිරියට තල්ලු කළේය. ලැජ්ජාව බය පසෙකින් තැබූ මා ඉදිරියට ගොස් පොල්තෙල් පහන පත්තු කළෙමි. (ලකුණු 10 + ). පසුව රත්නම් විග්නේෂ්වරන් මහතාව සහ එම මැතිණිය භවානි විග්නේෂ්වරන් මහත්මියව භරත නාට්‍යයම් වලින් පිළිගෙන වේදිකාව මත වූ විශේෂ කවිච්චියක වාඩි කරවූහ. 1989 දී ඇයව විවාහ කරගත් මෙහොතට පසු මේ විදියට සැරසී වේදිකාවට නැග්ගේ මෙම උළෙලේදීද විය හැක. පසුව පාරාට්ටු නොහොත් පැසසුම් කිරීම් ඇරඹිනි.
යනුවෙන් එක් අයෙක් පැවසීය. එයට හේතුව මෙම පත්වීම පිළිබඳව බොහෝ කටකතා ආදිය පැතිර ඇති නිසා විය හැකියි. ඉන්පසු කතා කළ මහතෙකු මෙලෙස පැවසීය
ඒ පිළිබඳ පවසන්නට මා හට කිසිම දෙයක් නොමැත. ඔහුට මෙතුමා මහාචාර්ය හෝ උපකුලපති ලෙස නොදැනෙන බවද පැවසීය. හොඳ හොඳ දේවල් “සවස්“ වෙන ජාමෙට යන මැයෙන් හොඳම කතාව ආවේ ඉන් පසුවයි. මෙලෙස පැවසූයේ එක්තරා පූජකයෙකි.
මෙලෙස බොහෝ දෙනා වේදිකාව මතට පැමිණි තම තම පැසසුම් ලබා දී ලකුණුද ලබා ගත්හ. විග්නේෂ්වරන් මහතාගේ නිහඬ බව ගැන ඉතාම හොඳ අහදසක් ඉදිරිපත් කළ කාන්තාවක් මේසේ පැවසුවා.
ඇගේ එම කතාවට සියළුම දෙනා අත්පොළසන් දුන්හ. මේ ආකාරයට නොකඩවා කතා පැවැත්විණි.
ඉන් අනතුරුව එතුමා සමඟ කරට කර තරඟ වැදුණු මහාචාර්ය වේල්නම්බි මහතාද පැමිණ තම සුබපැතුම් කතාව පටන් ගත්තේය. “අයියේ තව ගොඩක් වෙලා යයිද? “ මම පසෙක සිටි කෙනාගෙන් ඇසුවෙමි. “අපොයි ඔවු. මේකේ උත්සවයක් නම් ඉතින් අට නමයවත් වෙනවා ඉවර වෙද්දි“ ඔහු පැවසීය. වහාම මම එම ස්ථානයෙන් පිටවුණෙිමි. දොරටුවේහිදී මා අඳුනන එක්තරා මහතෙකු මාව නවතා “කොහොමද මල්ලි? දැන් උපාධිය ඉවරයිලු නේද? “ කොහොමද විගී සර්? ඔයාලා කැමතිද?“ යැයි ඇසුවේය. එතුමාට මා මගේ අවංකම හැඟීම ප්‍රකාශ කර එතැනින් නික්මුණෙමි.
මෙම ලිපිය අවසානයේ මාද එතුමාට හදපිරි සුබපැතුම් එක්කරන්නට කැමැත්තෙමි. විශ්වවිද්‍යාලයේ සෑම සියළු සිසුවෙකුටම සාධාරණ සේවයක් ඉටු කරන්නට එතුමාට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු !
(අඩුපාඩු තියෙයි නම් කොමෙන්ට් කර කියන්න)
“ඔබ ගෙදර ප්‍රධානියා නම් ගෙදරින් පමණක් ඔබට පැසසුම් ලැබේ. ඔබ ගමක ප්‍රධානියෙකු නම් ඒ ගමින් පමණක් ඔබට පැසසුම් ලැබේ. ඔබ ජනාධිපතිවරයෙකු වුවද ඔබේ රටින් බබැහැරව ඔබට පිළිගැනීමක් නොමැත. නමුත් ඔබ උගතෙකු නම් ලෝකයේ ඕනෑම තැනකදී ඔබට පිළිගැනීමක් ඇත “
උපහාර පිදීමට පැමිණි එක්තරා මහතෙකුගේ අදහසක්.
උපකුලපති තුමන්ව දමිළ සංස්කෘතික ඇඳුමින් සරසා වීදියේ පෙරහරකින් “වැඩමවූ“ අතර ගෙයක් ගෙයක් ගානේ ඔහුව නවතා මල් මාල පළඳා කුඩා දරුවන්ට ආශිර්වාද ලබාදී පවුලේ සියළු දෙනා එක්ව ඡායාරූප ලබා ගත්හ. පසුව ඉණුවිල් කන්දස්වාමි කෝවිලේ විශේෂ පූජාවකට සහභාගී කරවා කෝවිලට පසෙකින් තනා තිබූ විශේෂ මණ්ඩපය තුලට එක් කරගෙන ගියහ. රටේ ජනාධිපති තුමන්ටවත් නොමැති ආකාරයේ ඉහළම සැළකිල්ලක්. අඩුවට තිබුණේ ස්කොඩ් එක විතරයි. (කරුණාකර මාව විශ්වාස කරන්න). වේදිකාව පාමුල එතුමන්ව වාඩි කරවා සම්ප්‍රදායික පොල්තෙල් පහන පත්තු කෙරිණි.
“මෙතුමාගෙන් ඉගෙන ගත් සිසුවෙක් පැමිණ පහන දල්වන්න“ යැයි ස්පීකරයෙන් ඇසුණු විගස මා හිතවත් ආරක්ෂක නිළධාරියා “මල්ලි උඹ පලයන්“ කියා මාව ඉදිරියට තල්ලු කළේය. ලැජ්ජාව බය පසෙකින් තැබූ මා ඉදිරියට ගොස් පොල්තෙල් පහන පත්තු කළෙමි. (ලකුණු 10 + ). පසුව රත්නම් විග්නේෂ්වරන් මහතාව සහ එම මැතිණිය භවානි විග්නේෂ්වරන් මහත්මියව භරත නාට්‍යයම් වලින් පිළිගෙන වේදිකාව මත වූ විශේෂ කවිච්චියක වාඩි කරවූහ. 1989 දී ඇයව විවාහ කරගත් මෙහොතට පසු මේ විදියට සැරසී වේදිකාවට නැග්ගේ මෙම උළෙලේදීද විය හැක. පසුව පාරාට්ටු නොහොත් පැසසුම් කිරීම් ඇරඹිනි.
“මෙය උපහාර උළෙලකටත් වඩා තනතුර ස්ථිර කිරීමේ උළෙලකට සමයි“
යනුවෙන් එක් අයෙක් පැවසීය. එයට හේතුව මෙම පත්වීම පිළිබඳව බොහෝ කටකතා ආදිය පැතිර ඇති නිසා විය හැකියි. ඉන්පසු කතා කළ මහතෙකු මෙලෙස පැවසීය
“විගී අයියාගේ මෙම ජයග්‍රහණය පිළිබඳ මා හදවතින්ම සතුටු වෙමි“
ඒ පිළිබඳ පවසන්නට මා හට කිසිම දෙයක් නොමැත. ඔහුට මෙතුමා මහාචාර්ය හෝ උපකුලපති ලෙස නොදැනෙන බවද පැවසීය. හොඳ හොඳ දේවල් “සවස්“ වෙන ජාමෙට යන මැයෙන් හොඳම කතාව ආවේ ඉන් පසුවයි. මෙලෙස පැවසූයේ එක්තරා පූජකයෙකි.
“මහ ඇමති තුමත් විග්නේෂ්වරන්, දැන් උපකුලපති තුමනුත් විග්නේෂ්වරන්. ඔබ තුමා මෙම උපකුලපති තනතුරට පත්වීමේ වගකීම විශ්වවිද්‍යාලයට පමණක් සීමා වුණ එකක් නෙවෙයි. විශ්වවිද්‍යාලය හිංදු ආගමේ සංකේතයක් ලෙස දියුණු කරන ලෙස ඉල්ලමින්, අප මහ ඇමති තුමන් විසින් ගෙන යන ව්‍යාපාර ආදියට උදවු උපකාර කර, නිදා සිටින අප ජාතිය අවදි කරන්නටත් යාපනය විශ්වවිද්‍යාලයේ හිස නැවත ඔසවා තබන්නටත් ඔබතුමන් කටයුතු කළ යුතු වෙනවා. එයයි මේ රැස්ව සිටින අප සැමගේ බලාපොරොත්තුව. ඔබතුමන් එය ඉටු කරනවා නිසැකයි.“සියළු දෙනා අත්පොළසන් දුන්හ. මාද අත්පුඩි ගැසුවෙමි. හරියට හරි ! නියම කතාව පට්ටයි ! වගේ ඇක්ෂන් එකක් මා ඉදිරියේ වාඩිවී සිටි මහතෙකු තම ඉරියවු වලින් අනෙකාට ප්‍රකාශ කළේය. උපකුලපති තුමෙකුගේ සැබෑ වගකීම මා තේරුම් ගත්තේ එවිටයි.
මෙලෙස බොහෝ දෙනා වේදිකාව මතට පැමිණි තම තම පැසසුම් ලබා දී ලකුණුද ලබා ගත්හ. විග්නේෂ්වරන් මහතාගේ නිහඬ බව ගැන ඉතාම හොඳ අහදසක් ඉදිරිපත් කළ කාන්තාවක් මේසේ පැවසුවා.
මෙතුමාගේ නිහඬ බව නුසුදුසු කමක් යැයි ඇතැමුන් පවසනවා. නමුත් මා දකින ආකාරයට, බොහෝ දෙනා කතා බහ කරමින් කාලය නාස්ති කරන වාතාවරණයක තමුන් නිහඬව සිටීම මැනැවැයි එතුමා සිතනවා ඇති.
ඇගේ එම කතාවට සියළුම දෙනා අත්පොළසන් දුන්හ. මේ ආකාරයට නොකඩවා කතා පැවැත්විණි.
මෙතුමාව මෙම ස්ථානයට ගෙන එනු ලැබුවේ එතුමාගේ උත්සාහය පමණක් නෙවෙයි. එතුමා මේ මුරුගන් කෝවිලට දිනපතා ඇවිත් හදවතින්ම දෙවියන් නමදින කෙනෙක්. මා දන්නා තරමින්, කෝවිලට නොයා මෙතුමා විශ්වවිද්‍යාලයට පවා යන්නේ නැහැ. ඒ ශත්කියයි මෙතුමාට මේ ගමන එන්න රුකුලක් වුණේ.දැන් එතකොට ලංකාවේ අනිත් උපකුලපති තුමන්ල සහ ලෝකේ පුරා ඉන්න මහා ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ මහාචාර්ය වරු එහෙමත් හැමදාම මුරුගන් කෝවිල වැඳලද ගියේ? මා තනිවම ප්‍රශ්ණ කළෙමි. (සමාවෙන්න අපහාසයක් නෙවෙයි සැකයක්)
ඉන් අනතුරුව එතුමා සමඟ කරට කර තරඟ වැදුණු මහාචාර්ය වේල්නම්බි මහතාද පැමිණ තම සුබපැතුම් කතාව පටන් ගත්තේය. “අයියේ තව ගොඩක් වෙලා යයිද? “ මම පසෙක සිටි කෙනාගෙන් ඇසුවෙමි. “අපොයි ඔවු. මේකේ උත්සවයක් නම් ඉතින් අට නමයවත් වෙනවා ඉවර වෙද්දි“ ඔහු පැවසීය. වහාම මම එම ස්ථානයෙන් පිටවුණෙිමි. දොරටුවේහිදී මා අඳුනන එක්තරා මහතෙකු මාව නවතා “කොහොමද මල්ලි? දැන් උපාධිය ඉවරයිලු නේද? “ කොහොමද විගී සර්? ඔයාලා කැමතිද?“ යැයි ඇසුවේය. එතුමාට මා මගේ අවංකම හැඟීම ප්‍රකාශ කර එතැනින් නික්මුණෙමි.
මෙම ලිපිය අවසානයේ මාද එතුමාට හදපිරි සුබපැතුම් එක්කරන්නට කැමැත්තෙමි. විශ්වවිද්‍යාලයේ සෑම සියළු සිසුවෙකුටම සාධාරණ සේවයක් ඉටු කරන්නට එතුමාට අවැසි ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු !
(අඩුපාඩු තියෙයි නම් කොමෙන්ට් කර කියන්න)


Comments
Post a Comment