
යාපනයේ මෙතෙක් පැවති අති විශාලතම බෞද්ධ සැනකෙළිය හා වෙසක් කූඩු ප්‍රදර්ශනය මේ වන විට යාපනය කොටුව පරිශ්‍රයේ ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. උත්සවයට සමගාමීව වෙසක් තොරණ, ත්‍රිවිධ හමුදාව සහ දමිළ විද්‍යාල වල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පවත්වන භක්ති ගීත සංදර්ශනයක් සහ ත්‍රිවිධ හමුදාවේ විවිධ අංශ මඟින් සාදා නිමකළ විචිත්‍ර වෙසක් පහන් කූඩුු මෙන්ම දන්සැල් හා වෙළඳ කුටි සියල්ලගෙන්ම සමන්විත වූ මහා වෙසක් සැනකෙළියකි.
අනෙකුත් වෙසක් කලාප වලට වඩා මෙය විශේෂ වන්නේ මෙය සිදු කෙරෙන්නේ යාපනයේ වීමයි. දමිළ ජනතාව කිසිඳු ආගම් බේදයකින් තොරව පැමිණ වෙසක් සිරි නරඹන අයුරු දකින විට සිංහල බෞද්ධයින් ලෙස අප නිහතමානීව ආඩම්බර විය යුතු වෙනවා මෙන්ම..ඔවුගේ මෙම සහෝදරත්වයේ දෑත පිළිගත යුතුද වෙනවා.
විශේෂ වූ සිද්ධියක් වූයේ නාවට්කුලි මහා විද්‍යාලයේ දමිළ සිසු සිසුවියන් විසින් සිංහල බසින් ඉතා අපූරුවට භක්ති ගීත ගායනා කිරීමයි. එමෙන්ම දමිළ බසින් ලොවුතුරා බුද්ධ දේශනා විකාශය වීමද සිදුවෙනවා. මෙවැනි ක්‍රියාකාරකම් නිසා බෞද්ධ ජනතාව පිළිබඳ දමිළ මිනිසුන් තුළ ඇතිව තිබුණු අප්‍රසාදය කෙමෙන් කෙමෙන් තුරන් වනු ඇති. මේ සියල්ල වෙනුවෙන් දහසකුත් කැපවීම් කරන ත්‍රිවිධ හමුදාවට අප සැමගේ ස්තුතිය සහ පුණ්‍යානුමෝදනාව සිදු විය යුතුයි.
Comments
Post a Comment