Skip to main content

Ramesh | an emerging boxing star from north

යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළවෙනි වතාවට උපකුලපතිත් පහන් පත්තු කරයි !

යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කළ මැයි 18 මුල්ලිවයික්කාල් අනුස්මරණයක් අද විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණා. අමතකද කළ නොහැකියි..සමාවද දිය නොහැකියි ! දමිළ ජන සංහාර දිනය මැයි 18 යන මැයෙන් පැවැත්වුනු මෙම අනුස්මරණයට යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළවෙනි වතාවට මෑතකදී පත්වූ නව උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් මහතාද සහභාගී වුණා.

ඔහුගේ අතින් පළවෙනි පහන පහන් පත්තු කළ අතර ඉන් පසු සිසුන් සහ අනෙකුත් ආචාර්යවරුන් එක්ව පහන් පත්තු කරනු ලැබුවා. තවද සමූලඝාතනයට ලක්වූයැයි පැවසෙන මිනිසුන් වෙනුවෙන් විනාඩි දෙකක නිහඬතාවයක්  පැවැත්වෙන අතරතුර දමිළ ඊළාම් ගීත වාදනය වීමත් සමඟ කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද කහ සහ රතු මිශ්‍ර‍ කොඩි එම ස්ථානයේ ප්‍ර‍දර්ශනය කළා.

මෙයට සමගාමීව විශ්වවිද්‍යාල ප්‍ර‍ධාන දොරටු  දෙකෙහිත් ඇතුළේ විවිධ ස්ථාන වලත් කළු කොඩි ඔසවා තිබුණා.




වීඩියෝව නරඹන්න පහතින්.

Comments

Popular posts from this blog

Ramesh | an emerging boxing star from north

I am Ramesh Ranjithanathan from Point Pedro, Jaffna, Sri Lanka. I am a self-trained boxing player who is expecting professional training. Please be kind enough to read my story. I was born on 2 nd December 1986 in Point Pedro, Jaffna. I studied in Thambasiddy M.M.T.M.S School. I was interested in boxing in early 2000, after watching boxing tournaments in television and went to Mr. Kaneshamoorthy who was a karate master at that time, to learn the basics of karate. With the help of his techniques, I myself managed to practice boxing while watching international boxing tournaments in television. In 2005, I faced my first boxing tournament at Sugathadasa stadium, Colombo which I could not succeed because of weak techniques and lack of training.  The reason was, as Sri Lanka was going through a civil war during that time, we did not have enough facilities in Northern Province for a better training. As our areas were ruled by Sri Lankan army and also by LTTE, we were hiding ourselv...

සැබෑ බෞද්ධයා යනු කවරෙක්දැයි යාපනයට පෙන්වන මෙහෙයුමේ නිරතව සිටින සරසවි සිසුන්.

2017 පොසොන් බත් දන්සැල දැනට වසර හතරකට ඉහතදී 2013 වර්ෂයේ වෙසක් පොහොය දින (එවකට අප පළමු වසර සිසුන්ය) 36 හා 37 කණ්ඩායම් විසින් සංවිධානය කළ සිසිල් පැන් දන්සලට කලින් දා රාත්‍රියේ හට් එක ගසා නිමකර, පසු දින උදෑසන එම ස්ථානයට පැමිණි පසු අපට දක්නට ලැබුණේ දන්සල් කුටිය තුළට හම ගැසූ කුකුළෙකුගේ අවශේෂ කොටස් දමා විසුරුවා ගොස් තිබුණ දසුනයි. සිංහල බෞද්ධයා පිළිබඳව යාපනය වැසියන්ගේ සිත් තුළ කෙතරම් කෝපයක් තිබුණාද යන කාරණය එයින් අපට පැහැදිළි විය. එය ඔවුන්ගේ වරදක්යැයි එක හෙළා කීමට නොහැක. ඉන්පසු කුටිය හතර කොණින් උස්සාගෙන ගොස් වෙනත් ස්ථානයක තබා දන්සල දුන්නෙමු. එතැන් පටන් ඔවුනට නැවත වෛර කිරීම අතහැර දමා නොදන්නා මිනිසුන්ට නියම බෞද්ධයා යනු කවුදැයි පහදා දීමේ වගකීම යාපනය සරසවියට පැමිණෙන සිංහල බෞද්ධ සිසුන් කරට ගත්හ. එම කර්තව්‍යයට දකුණෙන් පැමිණි මුස්ලිම්, කතෝලික හා හිංදු සිසුන්ද මහඟු උපකාරයක් දුන් බව මතක් කරමු.  2013 වසරේ සිසිල් බීම දන්සැල එම වසරේදීම විශ්වවිද්‍යාලය තුළ ධර්මදේශනාවක් සංවිධානය කෙරිණි. මහා සංඝරත්නය යාපනය විශ්වවිද්‍යාල භූමියට අඩිය තැබූ ඒ දිනයේ සම්‍යක් දෘෂ්ටික නොවූ බොහෝ හදවත් මොහොත...

දැයක් වැනසූ රටක් සැනසූ මැයි 18 ?

2009 වසරේ මැයි 18 දිනය ශ්‍රී ලාංකික අප කාටත් අමතක නොවන දිනයකි. අප දන්නා තරමින් එය විජයග්‍ර‍හණයේ දිනයයි. කුරිරු ත්‍ර‍ස්තවාදය පරාජය කොට මුළු මහත් ශ්‍රී ලංකාවටම සාමය..සමාවෙන්න යුද්ධය නිමා කළ දිනයයි. යුද්ධයක් අවසාන වන විට ප්‍ර‍ධාන දෙපිරිසක් සිටිති. ජයග්‍රාහකයින් සහ පරාජිතයින්. අප ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කළ අතර තව පිරිසක් පරාජිත කණ්ඩායම නියෝජනය කළහ. සරළවම කිවහොත් සිංහල ජාතිය ජයග්‍රාහකයිනුත් දමිළ ජාතිය පරාජිතයිනුත් බවට පත්විය. සත්‍යය කුමක් වුවද ජනතාවට දැනුන දෙය එයයි. මේ මොහොතේ මා මේ සටහන තබන්නේද පරාජිතයින් යැයි සැළකෙන ජනතාව මධ්‍යයේ සිටයි. ජයග්‍රාහකයෙකු ලෙස වසර හතරකුත් පරාජිතයින් සමඟ වසර හතරකුත් ලෙස ඉතාම සමබර වූ අත්දැකීම් සමුදායක් ඇත්තෙක් ලෙස මෙම සටහන ලියන්නෙමි. යුද්ධය නිමාකර මේ මස 18 වැනි දිනට හරියටම වසර අටකි. මේ මොහොතේ මා වටා සිටින පරිසරය සූදානම් වන්නේ විජයග්‍ර‍හණයක් සැමරීමට නොවන බව මා හොඳාකාරවම දනිමි, ඔබද එය දැනගත යුතුයැයි සිතමි. මෙය සැමරීමකට වඩා අනුස්මරණයක් ලෙසද සැළකිය හැකියි. ඔවුන් පවසන ආකාරයට එය "#Tamil Genocide Day" නොහොත් දමිළයින් සමූල ඝාතනය කළ දිනයයි. මැයි 18 දි...