Skip to main content

Posts

Showing posts from 2017

Ramesh | an emerging boxing star from north

Ramesh | an emerging boxing star from north

I am Ramesh Ranjithanathan from Point Pedro, Jaffna, Sri Lanka. I am a self-trained boxing player who is expecting professional training. Please be kind enough to read my story. I was born on 2 nd December 1986 in Point Pedro, Jaffna. I studied in Thambasiddy M.M.T.M.S School. I was interested in boxing in early 2000, after watching boxing tournaments in television and went to Mr. Kaneshamoorthy who was a karate master at that time, to learn the basics of karate. With the help of his techniques, I myself managed to practice boxing while watching international boxing tournaments in television. In 2005, I faced my first boxing tournament at Sugathadasa stadium, Colombo which I could not succeed because of weak techniques and lack of training.  The reason was, as Sri Lanka was going through a civil war during that time, we did not have enough facilities in Northern Province for a better training. As our areas were ruled by Sri Lankan army and also by LTTE, we were hiding ourselv...

සැබෑ බෞද්ධයා යනු කවරෙක්දැයි යාපනයට පෙන්වන මෙහෙයුමේ නිරතව සිටින සරසවි සිසුන්.

2017 පොසොන් බත් දන්සැල දැනට වසර හතරකට ඉහතදී 2013 වර්ෂයේ වෙසක් පොහොය දින (එවකට අප පළමු වසර සිසුන්ය) 36 හා 37 කණ්ඩායම් විසින් සංවිධානය කළ සිසිල් පැන් දන්සලට කලින් දා රාත්‍රියේ හට් එක ගසා නිමකර, පසු දින උදෑසන එම ස්ථානයට පැමිණි පසු අපට දක්නට ලැබුණේ දන්සල් කුටිය තුළට හම ගැසූ කුකුළෙකුගේ අවශේෂ කොටස් දමා විසුරුවා ගොස් තිබුණ දසුනයි. සිංහල බෞද්ධයා පිළිබඳව යාපනය වැසියන්ගේ සිත් තුළ කෙතරම් කෝපයක් තිබුණාද යන කාරණය එයින් අපට පැහැදිළි විය. එය ඔවුන්ගේ වරදක්යැයි එක හෙළා කීමට නොහැක. ඉන්පසු කුටිය හතර කොණින් උස්සාගෙන ගොස් වෙනත් ස්ථානයක තබා දන්සල දුන්නෙමු. එතැන් පටන් ඔවුනට නැවත වෛර කිරීම අතහැර දමා නොදන්නා මිනිසුන්ට නියම බෞද්ධයා යනු කවුදැයි පහදා දීමේ වගකීම යාපනය සරසවියට පැමිණෙන සිංහල බෞද්ධ සිසුන් කරට ගත්හ. එම කර්තව්‍යයට දකුණෙන් පැමිණි මුස්ලිම්, කතෝලික හා හිංදු සිසුන්ද මහඟු උපකාරයක් දුන් බව මතක් කරමු.  2013 වසරේ සිසිල් බීම දන්සැල එම වසරේදීම විශ්වවිද්‍යාලය තුළ ධර්මදේශනාවක් සංවිධානය කෙරිණි. මහා සංඝරත්නය යාපනය විශ්වවිද්‍යාල භූමියට අඩිය තැබූ ඒ දිනයේ සම්‍යක් දෘෂ්ටික නොවූ බොහෝ හදවත් මොහොත...

අපූරු දෑවැදි වෙන්දේසියක් ! වෛද්‍යතුමෙක් බැන්දොත් කෝටියකුත් ලක්ෂ අසූවක්, ගෙයක් සහ රත්‍ර‍න්.

මෑතකදී ලංකාවේ දමිළ පුවත්පතකින් ගන්නා ලද ඡායාරූපයකි. එහි තිබෙන්නේ මනමාල වෙන්දේසියකි. මෙහි දක්වා ඇති ආකාරයට මෙසේය. වෛද්‍යවරයෙක් : ලක්ෂ 80 යි කෝටියයි + ගෙදර + රත්‍ර‍න් ඉංජිනේරු : ලක්ෂ 60-90 + ගෙදර + රත්‍ර‍න් නීතීඥයෙක් : ලක්ෂ 40-70 + ගෙදර + රත්‍ර‍න් ගුරුවරයෙක්, රාජ්‍ය සේවකයෙක් : ලක්ෂ 20-34 + ගෙදර + රත්‍ර‍න් පුද්ගලික රැකියාකරුවෙක් : ලක්ෂ 15-30 +  ගෙයක් + රත්‍ර‍න් ගෙවියෙක්, ස්වයං රැකියාකරුවෙක් : ලක්ෂ 8-15 + රත්‍ර‍න් + ගෙයක් (සමහර විට) හොඳම එක- නිකමෙක් : ලක්ෂ අටක් වෙනතුරු + රත්‍ර‍න් + ගෙයක් (සමහර විට)

යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළවෙනි වතාවට උපකුලපතිත් පහන් පත්තු කරයි !

යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමය මඟින් සංවිධානය කළ මැයි 18 මුල්ලිවයික්කාල් අනුස්මරණයක් අද විශ්වවිද්‍යාලයේදී පැවැත්වුණා. අමතකද කළ නොහැකියි..සමාවද දිය නොහැකියි ! දමිළ ජන සංහාර දිනය මැයි 18 යන මැයෙන් පැවැත්වුනු මෙම අනුස්මරණයට යාපනය විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළවෙනි වතාවට මෑතකදී පත්වූ නව උපකුලපති මහාචාර්ය රත්නම් විග්නේෂ්වරන් මහතාද සහභාගී වුණා. ඔහුගේ අතින් පළවෙනි පහන පහන් පත්තු කළ අතර ඉන් පසු සිසුන් සහ අනෙකුත් ආචාර්යවරුන් එක්ව පහන් පත්තු කරනු ලැබුවා. තවද සමූලඝාතනයට ලක්වූයැයි පැවසෙන මිනිසුන් වෙනුවෙන් විනාඩි දෙකක නිහඬතාවයක්  පැවැත්වෙන අතරතුර දමිළ ඊළාම් ගීත වාදනය වීමත් සමඟ කොටි සංවිධානය විසින් භාවිතා කරන ලද කහ සහ රතු මිශ්‍ර‍ කොඩි එම ස්ථානයේ ප්‍ර‍දර්ශනය කළා. මෙයට සමගාමීව විශ්වවිද්‍යාල ප්‍ර‍ධාන දොරටු  දෙකෙහිත් ඇතුළේ විවිධ ස්ථාන වලත් කළු කොඩි ඔසවා තිබුණා. වීඩියෝව නරඹන්න පහතින්.

දැයක් වැනසූ රටක් සැනසූ මැයි 18 ?

2009 වසරේ මැයි 18 දිනය ශ්‍රී ලාංකික අප කාටත් අමතක නොවන දිනයකි. අප දන්නා තරමින් එය විජයග්‍ර‍හණයේ දිනයයි. කුරිරු ත්‍ර‍ස්තවාදය පරාජය කොට මුළු මහත් ශ්‍රී ලංකාවටම සාමය..සමාවෙන්න යුද්ධය නිමා කළ දිනයයි. යුද්ධයක් අවසාන වන විට ප්‍ර‍ධාන දෙපිරිසක් සිටිති. ජයග්‍රාහකයින් සහ පරාජිතයින්. අප ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කළ අතර තව පිරිසක් පරාජිත කණ්ඩායම නියෝජනය කළහ. සරළවම කිවහොත් සිංහල ජාතිය ජයග්‍රාහකයිනුත් දමිළ ජාතිය පරාජිතයිනුත් බවට පත්විය. සත්‍යය කුමක් වුවද ජනතාවට දැනුන දෙය එයයි. මේ මොහොතේ මා මේ සටහන තබන්නේද පරාජිතයින් යැයි සැළකෙන ජනතාව මධ්‍යයේ සිටයි. ජයග්‍රාහකයෙකු ලෙස වසර හතරකුත් පරාජිතයින් සමඟ වසර හතරකුත් ලෙස ඉතාම සමබර වූ අත්දැකීම් සමුදායක් ඇත්තෙක් ලෙස මෙම සටහන ලියන්නෙමි. යුද්ධය නිමාකර මේ මස 18 වැනි දිනට හරියටම වසර අටකි. මේ මොහොතේ මා වටා සිටින පරිසරය සූදානම් වන්නේ විජයග්‍ර‍හණයක් සැමරීමට නොවන බව මා හොඳාකාරවම දනිමි, ඔබද එය දැනගත යුතුයැයි සිතමි. මෙය සැමරීමකට වඩා අනුස්මරණයක් ලෙසද සැළකිය හැකියි. ඔවුන් පවසන ආකාරයට එය "#Tamil Genocide Day" නොහොත් දමිළයින් සමූල ඝාතනය කළ දිනයයි. මැයි 18 දි...

උපකුලපති පැසසුම හා පැසසූවන්ගේ පැවසුම

යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමන් සඳහා ඔහුගේ ගම් වැසියන් විසින් යාපනය ඉණුවිල් හිදී සංවිධානය කර තිබුණු උපහාර පිදීමේ උළෙලට සහභාගී වුණ එකම සිංහල සිසුවා (පොලිසියේ දෙදෙනාට අමතරව) බවට ඉතිහාස ගත වීමි. මා අඳුනන එක්තරා විශ්වවිද්‍යාල ආරක්ෂක මහතෙකු (ඔහුගේ ගමද ඉනුවිල්) විසින් කරන ලද ආරාධනාවක් නිසා එයට සහභාගී වීමට සිදු විය. උපකුලපති තනතුරක් ලැබීම රජ තනතුරක් ලැබීමට සමාන යැයි සිතෙන මට්ටමට පැසසුම් උළෙල දුටු විගස කල්පනා විය. වසර තුනක් වැනි සුළු කාලයකට “ ලැබෙන“ මෙම පත්වීමට මෙතරම් පැසසුම් කරන්නට ගම්වැසියන් පෙළඹුණේ ඇයිදැයි විමසූ විට දැනගන්නට ලැබුණේ මේ තාක් කල් අප ඉණුවිල් ගම්මානයෙන් මෙවැනි තැනකට ආ පළවෙනි පුද්ගලයා මොහු බවත් නැවත වසර ගණනාවකට අප ගමෙන් මෙවන් පුද්ගලයෙක් බිහි නොවනු ඇති බවත්ය. එම නිසා අප ගමට සහ ගමේ “පසට“ මෙය මහත් ආඩම්බරයක් බවත්ය. “ඔබ ගෙදර ප්‍ර‍ධානියා නම් ගෙදරින් පමණක් ඔබට පැසසුම් ලැබේ.  ඔබ ගමක ප්‍ර‍ධානියෙකු නම් ඒ ගමින් පමණක් ඔබට පැසසුම් ලැබේ.  ඔබ ජනාධිපතිවරයෙකු වුවද ඔබේ රටින් බබැහැරව ඔබට පිළිගැනීමක් නොමැත. නමුත් ඔබ උගතෙකු නම් ලෝකයේ ඕනෑම තැනකදී ඔබට පිළිගැනීමක් ඇත “ උපහාර පිදීමට...

යාපා පටුනයි දහම් අමාවයි අභිමානවත් දෙවන දිනය [PHOTOS]

විද්‍යා පීඨ සිසුන් යාපනය සරසවියට අමා දම් වැස්සක් වැස්වූ වගයි !

දුල්ලභං සද්ධම්ම සවනං යන බුදු වදන දකුණු ලක සරසවි වලට කෙසේ නමුත්, තල් අරණට නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය අතිශයින්ම දුර්ලභ කාරණයකි. ධර්මයේ අර්ථය නොදත් යාපනය සරසවි භූමියට උතුම් වූ සද්ධර්මයෙන් දෝතක් පිළිගැන්වීමට යාපනය සරසවි විද්‍යා පීඨ සිසුන් කටයුතු කළහ. ඒ අනුව විද්‍යා පීඨයේ පැවති මෙම සද්ධර්ම දේශනාව පවත්වනු ලැබූයේ නාග විහාර වාසී නායක ස්වාමීන්ද්‍ර‍යන් විසිනි. පසුගිය වසර වල මෙන් නොව මෙම වසරේදී සියළුම සිංහල දමිළ සිසුන්ගේ සහයෝගය වෙසක් උත්සවය සඳහා ලැබීම විශේෂත්වයකි. මෙවර ධර්ම දේශනාව සඳහා අභිනවයෙන් තේරී පත්වූ නව උපකුලපති තුමාද සහභාගී වී සිටිය අතර එතුමා අතින්ම ස්වාමීන් වහන්සේට අට පිරිකර පූජා කිරීම ඉතිහාස ගත වන කරුණකි. මෙවැනි ආගමික වැඩසටහන් වලට තමුන් ඉදිරියේදීද සහයෝගය දෙන බවට එතුමා ධර්ම දේශනාව අවසානයේදී සඳහන් කර සිටියා. ධර්ම දේශනාවට සමගාමීව මුළු විශ්ව විද්‍යාල පරිශ්‍ර‍යම පෙර නොවූ ආකාරයට වෙසක් සැරසිලි වලින් සරසන්නටත් විද්‍යා පීඨ සහ කළමනාකරණ පීඨවල සිසුන් ක්‍රියා කර තිබූ ආකාරය දක්නට ලැබිණි. ධර්ම දේශනාව අවසානයේ බෙලි මල් සංග්‍ර‍යක්ද පැවැත්විණි.

එදා මෙදා තුර තල් අරණේ විශාලතම බෞද්ධ ප්‍ර‍ර්ශනය-යාපා පටුනයි දහම් අමාවයි 2017

යාපනයේ මෙතෙක් පැවති අති විශාලතම බෞද්ධ සැනකෙළිය හා වෙසක් කූඩු ප්‍ර‍දර්ශනය මේ වන විට යාපනය කොටුව පරිශ්‍රයේ ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. උත්සවයට සමගාමීව වෙසක් තොරණ, ත්‍රිවිධ හමුදාව සහ දමිළ විද්‍යාල වල දරු දැරියන්ගේ සහභාගීත්වයෙන් පවත්වන භක්ති ගීත සංදර්ශනයක් සහ ත්‍රිවිධ හමුදාවේ විවිධ අංශ මඟින් සාදා නිමකළ විචිත්‍ර‍ වෙසක් පහන් කූඩුු මෙන්ම දන්සැල් හා වෙළඳ කුටි සියල්ලගෙන්ම සමන්විත වූ මහා වෙසක් සැනකෙළියකි. අනෙකුත් වෙසක් කලාප වලට වඩා මෙය විශේෂ වන්නේ මෙය සිදු කෙරෙන්නේ යාපනයේ වීමයි. දමිළ ජනතාව කිසිඳු ආගම් බේදයකින් තොරව පැමිණ වෙසක් සිරි නරඹන අයුරු දකින විට සිංහල බෞද්ධයින් ලෙස අප නිහතමානීව ආඩම්බර විය යුතු වෙනවා මෙන්ම..ඔවුගේ මෙම සහෝදරත්වයේ දෑත පිළිගත යුතුද වෙනවා. විශේෂ වූ සිද්ධියක් වූයේ නාවට්කුලි මහා විද්‍යාලයේ දමිළ සිසු සිසුවියන් විසින් සිංහල බසින් ඉතා අපූරුවට භක්ති ගීත ගායනා කිරීමයි. එමෙන්ම දමිළ බසින් ලොවුතුරා බුද්ධ දේශනා විකාශය වීමද සිදුවෙනවා. මෙවැනි ක්‍රියාකාරකම් නිසා බෞද්ධ ජනතාව පිළිබඳ දමිළ මිනිසුන් තුළ ඇතිව තිබුණු අප්‍ර‍සාදය කෙමෙන් කෙමෙන් තුරන් වනු ඇති. මේ සියල්ල වෙනුවෙන්...