Skip to main content

Ramesh | an emerging boxing star from north

සැබෑ බෞද්ධයා යනු කවරෙක්දැයි යාපනයට පෙන්වන මෙහෙයුමේ නිරතව සිටින සරසවි සිසුන්.

2017 පොසොන් බත් දන්සැල

දැනට වසර හතරකට ඉහතදී 2013 වර්ෂයේ වෙසක් පොහොය දින (එවකට අප පළමු වසර සිසුන්ය) 36 හා 37 කණ්ඩායම් විසින් සංවිධානය කළ සිසිල් පැන් දන්සලට කලින් දා රාත්‍රියේ හට් එක ගසා නිමකර, පසු දින උදෑසන එම ස්ථානයට පැමිණි පසු අපට දක්නට ලැබුණේ දන්සල් කුටිය තුළට හම ගැසූ කුකුළෙකුගේ අවශේෂ කොටස් දමා විසුරුවා ගොස් තිබුණ දසුනයි. සිංහල බෞද්ධයා පිළිබඳව යාපනය වැසියන්ගේ සිත් තුළ කෙතරම් කෝපයක් තිබුණාද යන කාරණය එයින් අපට පැහැදිළි විය. එය ඔවුන්ගේ වරදක්යැයි එක හෙළා කීමට නොහැක. ඉන්පසු කුටිය හතර කොණින් උස්සාගෙන ගොස් වෙනත් ස්ථානයක තබා දන්සල දුන්නෙමු. එතැන් පටන් ඔවුනට නැවත වෛර කිරීම අතහැර දමා නොදන්නා මිනිසුන්ට නියම බෞද්ධයා යනු කවුදැයි පහදා දීමේ වගකීම යාපනය සරසවියට පැමිණෙන සිංහල බෞද්ධ සිසුන් කරට ගත්හ. එම කර්තව්‍යයට දකුණෙන් පැමිණි මුස්ලිම්, කතෝලික හා හිංදු සිසුන්ද මහඟු උපකාරයක් දුන් බව මතක් කරමු. 

2013 වසරේ සිසිල් බීම දන්සැල

එම වසරේදීම විශ්වවිද්‍යාලය තුළ ධර්මදේශනාවක් සංවිධානය කෙරිණි. මහා සංඝරත්නය යාපනය විශ්වවිද්‍යාල භූමියට අඩිය තැබූ ඒ දිනයේ සම්‍යක් දෘෂ්ටික නොවූ බොහෝ හදවත් මොහොතකට සලිත වී ගිය අයුරු අප දුටුවෙමු. ඇස් අදහාගත නොහැකිව බලාන සිටි අයුරුද, විද්‍යා පීඨයේ M1 ශාලාවේ ධර්මදේශනය සිදුවෙන අතර පාත භූමියේ වෛරයෙන් පිරුණු උකුසු ඇස් හොල්මන් කරන අයුරුද අප දුටුවෙමු. ධර්මදේශනය ගැටළුවක් නොවී අවසන් වුවද දින ගණනක් යනතුරු අතරින් පතර සෘණාත්මක සහ ද්වේෂ සහගත කටකතා පැතිර ගිය බව අප දැනගතිමු. නමුත් එවකට පැවති රජයට තිබුණු බිය නිසාදෝ ප්‍ර‍ස්දිධියේ කිසිවක් කිරීමේ ශක්තියක් ඔවුන්ට නොතිබිණි.

2014 වර්ෂය-විද්‍යා පීඨය

මේ විදියට වසර ගණනාවක් ගතවිණි. අද වන විට යාපනය විශ්වවිද්‍යාල සිසුන් එදා අතට ගත් මෙහෙයුම සාර්ථකව දියත් කරමින් සිටිති. යාපනයේ වැසියන් තුළ බෞද්ධයා පිළිබඳ තිබුණු බොහොමයක් වැරදි ආකල්ප අද වන විට පහව ගොස් ඇති බව සතුටින් දැන්වීමට කැමැත්තෙමු. අද වන විට බෞද්ධ සිසුන්ගේ ආගමික ක්‍රියා වලට දමිළ සිසුන්ද තම සහයෝගය පළ කරති. පසුගිය වෙසක් දිනයේ ඔවුන්ද වෙසක් කූඩු හැදුවහ. විශ්වවිද්‍යාලය අවට ජීවත් වෙන දුගී දුප්පත් කුඩා දරුවන් ගෙදර ලස්සනට එල්ලීමට වෙසක් කූඩු ඉල්ලගෙන ගිය අයුරු මතක් වෙයි. අද (08) දින විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ සිසුන් විසින් ෆ්‍ර‍යිඩ් රයිස් දන්සලක් සංවිධානය කර තිබිණි. අපගේ උපකුලපති තුමන්ද සභභාගී වුණේය. දැන් යාපනයේ වැසියන් “දන්සල“ , “වෙසක් කූඩුව“, යන වචන හොඳින් අඳුනති, එයම අප ලද ජයග්‍ර‍හණයකි. එමෙන්ම බෞද්ධයා පිළිබඳ ධනාත්මක ආකල්ප ඔවුන් තුළ ගොඩනැගෙමින් පවතින බවද සැබෑවකි. අද රාත්‍රියේ විශ්වවිද්‍යාල පරිශ්‍ර‍ය තුළ සිසුන් පහන් දැල්වූ ස්ථානයට පැමිණි යාපනයේ දමිළ සිසුවෙක්..“ලස්සනයි නේද අයියේ? “ කියා මගෙන් ඇසූ විට සියුම් සන්තෝෂයක් දැණුනි.

2014 වර්ෂය කළමණාකරණ පීඨය


ඒ වගේම දහවල්  වයසක දමිළ මහතෙක් පැමිණ මට මෙසේ පැවසුවා..ඇයි ඔයාලා බුදු හාමුරුවන්ට වඳින්නේ? එයා මනුස්සයෙක් නේද? වඳින්න හොඳ නෑ. අපි වැඳිය යුත්තේ දෙවියන්ට පමණයි. බුදු හාමුදුරුවෝ කියන්නේ මහා බුද්ධිමතෙක්, උන්නාන්සේ හුඟක් දේවල් දැන සිටියා. නමුත් උන්නාන්සේ මනුස්සයෙක්. ඒ නිසා අපි වඳින්න හොඳනෑ හැබැයි ගරු කරන්න ඕනේ කියලා. මා ඔහුව නිවැරදි කිරීමට ගියේ නැහැ. සිතින් සතුටු වුණා..මෙච්චර දෙයක් වත් ඒ මහත්මයා දැනගෙන සිටිනවා නේද කියා. නමුත් කණගාටුවට කරුණ නම්, අප යාපනයේ සිට ඉතා සියුම්ව මෙම මෙහෙයුමේ නිරතව සිටින මොහොතේ දකුණේ ඇතැම් උදවිය, බෞද්ධයින් යනු ප්‍රකෝපකාරී පිරිසක් බව ලොවට පෙන්වමින් සිටීමයි. 

2017 පොසොන් බත් දන්සල


ඔබ සැමට බුදු සරණයි !
-ඉන්ද්‍ර‍ජිත් (යාපනය විශ්වවිද්‍යාලය)

Comments

  1. Ubala enna kalin 2012di ahs1n wesak1ta dansalak dunna.wesak porgrame1k kara.low fac1n dansalak dunna.wade lassanata keruna.tamil yaluwot udaw kara.ubalata tibba kiyana prashna apata tibbe na.science fac1 prashna hadagatte ubalama tama.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Ramesh | an emerging boxing star from north

I am Ramesh Ranjithanathan from Point Pedro, Jaffna, Sri Lanka. I am a self-trained boxing player who is expecting professional training. Please be kind enough to read my story. I was born on 2 nd December 1986 in Point Pedro, Jaffna. I studied in Thambasiddy M.M.T.M.S School. I was interested in boxing in early 2000, after watching boxing tournaments in television and went to Mr. Kaneshamoorthy who was a karate master at that time, to learn the basics of karate. With the help of his techniques, I myself managed to practice boxing while watching international boxing tournaments in television. In 2005, I faced my first boxing tournament at Sugathadasa stadium, Colombo which I could not succeed because of weak techniques and lack of training.  The reason was, as Sri Lanka was going through a civil war during that time, we did not have enough facilities in Northern Province for a better training. As our areas were ruled by Sri Lankan army and also by LTTE, we were hiding ourselv...

දැයක් වැනසූ රටක් සැනසූ මැයි 18 ?

2009 වසරේ මැයි 18 දිනය ශ්‍රී ලාංකික අප කාටත් අමතක නොවන දිනයකි. අප දන්නා තරමින් එය විජයග්‍ර‍හණයේ දිනයයි. කුරිරු ත්‍ර‍ස්තවාදය පරාජය කොට මුළු මහත් ශ්‍රී ලංකාවටම සාමය..සමාවෙන්න යුද්ධය නිමා කළ දිනයයි. යුද්ධයක් අවසාන වන විට ප්‍ර‍ධාන දෙපිරිසක් සිටිති. ජයග්‍රාහකයින් සහ පරාජිතයින්. අප ජයග්‍රාහී කණ්ඩායම නියෝජනය කළ අතර තව පිරිසක් පරාජිත කණ්ඩායම නියෝජනය කළහ. සරළවම කිවහොත් සිංහල ජාතිය ජයග්‍රාහකයිනුත් දමිළ ජාතිය පරාජිතයිනුත් බවට පත්විය. සත්‍යය කුමක් වුවද ජනතාවට දැනුන දෙය එයයි. මේ මොහොතේ මා මේ සටහන තබන්නේද පරාජිතයින් යැයි සැළකෙන ජනතාව මධ්‍යයේ සිටයි. ජයග්‍රාහකයෙකු ලෙස වසර හතරකුත් පරාජිතයින් සමඟ වසර හතරකුත් ලෙස ඉතාම සමබර වූ අත්දැකීම් සමුදායක් ඇත්තෙක් ලෙස මෙම සටහන ලියන්නෙමි. යුද්ධය නිමාකර මේ මස 18 වැනි දිනට හරියටම වසර අටකි. මේ මොහොතේ මා වටා සිටින පරිසරය සූදානම් වන්නේ විජයග්‍ර‍හණයක් සැමරීමට නොවන බව මා හොඳාකාරවම දනිමි, ඔබද එය දැනගත යුතුයැයි සිතමි. මෙය සැමරීමකට වඩා අනුස්මරණයක් ලෙසද සැළකිය හැකියි. ඔවුන් පවසන ආකාරයට එය "#Tamil Genocide Day" නොහොත් දමිළයින් සමූල ඝාතනය කළ දිනයයි. මැයි 18 දි...